• ඔබ මෙතැනය:  
  • මූලය > විගණන විෂය පථය

    විගණකාධිපති විසින් ඔහුගේ අභිමතය පරිදි විගණන විෂය පථය තීරණය කරනු ලබන අතර, මේ සම්බන්ධයෙන් 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දී ඇති දැනට භාවිතයේ පවතින "විගණන ප්‍රමිති" සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ICASL) උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (INTOSAI) උත්තරීතර විගණන ආයතන පිළිබඳ ආසියානු සංවිධානය (ASOSAI) විසින් අනුගමනය කරනු ලබන විගණනයට අදාළ සම්ප්‍රදායයන් හා ප්‍රශස්ථ පරිචයන් මගින් සහ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විගණකාධිපති වෙත මඟ පෙන්වනු ලබයි. මෙයට අමතරව රාජ්‍ය සංස්ථා සම්බන්ධයෙන් විගණකාධිපති විසින් සලකා බලා තීරණය කළයුතු විගණන විෂය පථය 1971 අංක 38 දරන මුදල් පනත මගින් වඩා සවිස්තරාත්මකව දක්වා ඇත. ඒ අනුව විගණකාධිපති විසින් සංස්ථාවේ කළමනාකරණය වෙත විස්තරාත්මක වාර්තාවක්, සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කිරීම සඳහා වන වාර්තාවක් සහ පාර්ලිමේන්තුවට වෙනම ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තාවක් වශයෙන් ව්‍යවස්ථාපිත වාර්තා 3 ක් නිකුත් කරනු ලැබිය යුතු වේ. මුදල් පනතේ විස්තර කර දක්වා ඇති පරිදි හැකිතාක්ම කළහැකි වන දුරකට හා හැකිතාක් අවශ්‍ය වන දුරකට පහත සඳහන් දෑ විගණන විෂය පථයට ඇතුලත් විය යුතුය. තොරතුරු ඉදිරිපත් කිරීමේ අංශයෙන් බලන කල සංස්ථාවේ කාර්යයන් අඛණ්ඩව අගය කිරීමට හැකි වන පරිදි සංවිධානය, ක්‍රම, කාර්ය පරිපාටි, පොත්, වාර්තා හා වෙනත් ලියකියවිලි නියමිත අන්දමට හා ප්‍රමාණවත් ලෙස සකස් කොට තිබේද යන බව සහ එවැනි ක්‍රම, කාර්ය පරිපාටි, පොත්, වාර්තා හා වෙනත් ලියකියවිලි එලදායී ක්‍රියාවේ පවතීද යන බව, • රාජ්‍ය සංස්ථාවේ වැඩ කටයුතු එම රාජ්‍ය සංස්ථාවට අදාළ නිති, රීති හා නියෝග අනුව වූයේද යන බව හා එම රාජ්‍ය සංස්ථාවේ පරිපාලනයෙහි ලා සාධාරණත්වයක් තිබේද යන බව. • අරමුදල් වෙන් කිරීමේදී හා එම අරමුදල් උපයෝජනය කිරීමේදී ආර්ථික භාවය හා කාර්යක්ෂමතාවය තිබේද යන බව, • මුදල් තබා ගැනීමේ හා දේපල ආරක්ෂා කිරීමේ ක්‍රම සතුටුදායකද යන බව, • සැලකිල්ලට භාජනය වූ කාලපරිච්ඡේදයට අදාළව විගණනයට භාජනය කරන ලද ගිණුම් සංස්ථාවේ කටයුතු පිළිබඳ සත්‍ය හා සාධාරණ දර්ශනයක් පිළිබිඹු කෙරෙන පරිදි ගණකාධිකරණය, මූල්‍යයනය හා තක්සේරු කිරීම යන මූලධර්මයන්ට නිසි සැලකිල්ල යොමු කරමින් පිළියෙල කර තිබේද යන බව සහ • විගණකාධිපති විසින් අවශ්‍ය යැයි සලකනු ලැබිය හැකි වෙන යම් කරුණු.

    Find Audit Reports

    BCMath lib not installed. RSA encryption unavailable